Dark web කියල කියන්නේ මොන වගේ තැනක්ද​? (2 වෙනි කොටස)

Dark web and domain

~මෙහි 1 වෙනි කොටස කියවල නැත්නම් මෙතනින් කියවන්න ~

Mr. Noob: සුභ උදැසනක් ගුරු අයියේ, කොහොමද ඉතින්?

Mr. Guru: හොදින් හොදින්, ඔයාට කොහොමද?

Mr. Noob: මමත් හොදින්, ඒක නෙවෙයි, අර අපි එදා කතා කරපු Dark Web ගැන ඉතුරු ටිකත් දැන ගන්න ආසයි.

Mr. Guru: අපි නැවැත්තුවේ hidden services ගැන කියල නේද?

Mr. Noob: ඔව් ඔව්

Mr. Guru: හරි, දැන් ඔයා කලින් කිව්වනේ මතක තියාගන්න අමාරු URL ගැන, මේව ඔක්කොම හුගක් වෙලාවට onion සයිට්ස්. එවට තියෙන්නෙ ව්‍යාජ top-level domain එකක්, ඒක තමයි ඩොට් onion කියන කෑල්ල.

Mr. Noob: මොකක්ද අයියේ, top level domain කියන්නේ?

Mr. Guru: ආපහු ගමුකො www.facebook.com, ඒකෙ top-level domain එක තමයි com කියන්නෙ. අන්තර්ජාලයේ domain name system (DNS) එකේ උඩම ලෙවල් එකේ, එහෙමත් නැත්නම් Root Zone එකේ තමයි මේ domain name එක අඩංගු කරල තියෙන්නෙ.

Mr. Guru: ඉතින් මේ onion කියන්නෙ ව්‍යජ domain එකක් නිසා, ඒකයි DNS අතරයි කිසිදු සම්බන්ධයක් නැ.

Mr. Noob: ඉතින් එතකොට මම Tor බ්‍රව්සර් එකෙන් onion සයිට් එකක් රික්වෙස්ට් කලාම, කොහොමද DNS එකක් නැතුව hidden service එක හොයා ගන්නෙ?

Mr. Guru: අන්න ඒක තමයි මම අද විස්තර කරන්න යන්නෙ, මම ඔයාට එදා කිව්වනෙ Tor නෙට්වර්ක් එක ගැන, එතකොට hidden service එක තියෙන්නෙ ඒක ඇතුලෙනෙ. දැනට අපි පැහැදිලි කරන්න ලෙසිවෙන්න ඒක එලියට ගමු. දැන් client එකයි, Tor නෙට්වර්ක් එකයි, hidden service එකයි කොටස් තුනක් තියනව.

Mr. Guru: මුලින්ම, hidden service එකෙන් අහබු ලෙස Tor නෙට්වර්ක් එකෙන් routers කිහිපයක් තෝරගන්නව. මේවට කියන්නෙ Introduction points කියල. මේ තෝරගත් introduction points වලට hidden service එකෙන් සම්බන්ධ වෙනවා, එදා අපි කතා කරපු Tor routing එක උපයෝගී කරගෙන. ඒකියන්නේ, කෙලින්ම සම්බන්ධ වෙන්නේ නෑ. ඉතින් hidden service එක මැසෙජ් එකක් introduction points වලට යවනවා, තමන්ගෙ public key එකත් එක්ක.

Mr. Guru: ඊට පස්සෙ hidden service එක එයාගෙ public key එකයි, අර introduction points වල IP addresses ඇතුලත් කරල hidden service descriptor (HSD) කියල එකක් හදනව. මේ descriptor එක, තමන්ගෙ private key එකෙන් sign කරනවා.

Mr. Noob: මොකක්ද ඔය sign කරනව කියන්නෙ?

Mr. Guru: ඒක RSA key වල එන එකක්. ඔයා private key එකෙන් මැසෙජ් එකක් sign කලාම එන signature එක public key එකෙන්, ඒක ආවෙ ඔයාගෙන්මද කියල තහවුරු කරගන්න පුලුවන්. අපිට වෙන දවසක කතා කරන්න දෙයක් එතන තියෙනවා. ඉතින් ඊටපස්සෙ මේ HSD එක Tor network එකේ distributed hash table (DHT) එකට යවනවා. මේ හැම දේම tor network එක හරහා සිදුවන නිසා කවුරු එවනවද කියල කවුරුවත් දන්නේ නෑ.

Mr. Noob: හරි, දැන් Tor බ්‍රව්සර් එකෙන් onion සයිට් එක රිසොල්ව් වෙන්නෙ අර DHT එකට කතා කරලද?

Mr. Guru: ඔව්, එහෙම තමයි. මේ onion URL එකේ තියන නම ඇත්තටම අර public key එකේ hash value එකක්. characters 16ක් තියනව. ඉතින් මේ value එකෙන් තමයි අර DHT එකේ හරියටම ගැලපෙන HSD මොකක්ද කියල හොයාගන්නෙ. ඒකෙන් පුළුවන් hidden service එකේ introduction points මොනාද, public key එක මොකක්ද කියල දැන ගන්න.

Mr. Noob: එතකොට කෙලින්ම hidden service එකට සම්බන්ධ වෙනවද?

Mr. Guru: අපෝ නැ. ඊටපස්සෙ අහබු ලෙස Tor router එකක් තෝරගෙන එයාට පොඩි රහස් පණිවිඩයක් දෙනවා. මේ router එකට කියන්නෙ rendezvous point කියල. දැන් තව වැඩකුත් කරනව, එකතමයි introduce message එකක් හදන එක. මේ message එකේ rendezvous point එකේ address එක සහ අර රහස් පණිවිඩය hidden service එකේ public key එකෙන් එන්ක්‍රිප්ට් කරල එක යවනව අර introduction point එකකට, ඒවගේම ඒකට කියනව hidden service එකට යවන්න කියල. ඉතින් introduction point එක, hidden service එකට අර message එක යවනවා.

Mr. Guru: ඉතින්, hidden service එක message එක ඩීක්‍රිප්ට් කරල, අර රහස් පණිවිඩය rendezvous pont එකට rendezvous message එකක් විදියට යවනවා. rendezvous point එක අර රහස් පණිවිඩය ගලපල, client එකයි hidden service එකයි සම්බන්ධ කරනවා. මේ හැමදේම වෙන්නෙ Tor network එක හරහා නිසා අඩුම තරමෙ routers 6ක් වත් හවුල් වෙනවා. ඉතින් මේ කිසිම තැනකින් එන්ක්‍රිප්ට් නොකරපු message එකක් යන්නෙ නෑ. එදා අපි කතා කරපු exit node එකෙ ප්‍රශ්නය මෙතනදී එන්නෙ නෑ.

Mr. Noob: ඒකනම් විශිෂ්ට ක්‍රමයක්.

Mr. Guru: මේක එකපාර කරපු දෙයක් නෙවෙයි, අනික තනි පුද්ගලයෙකුගෙ වැඩකුත් නෙවෙයි. මේ තත්වයට එන්න හුගක් කල් ගියා, ඒ වගේම මේ ක්‍රමය ඉදිරියේදී වෙනස් වෙන්නත් පුළුවන්.

Mr. Noob: මේක භයානක තැනක් උනත්, මගේ යාළුවෝ කිහිපදෙනෙක් කිව්ව හුගක් ප්‍රයෝජනවත් තැනක් කියල. ඇත්තද අයියේ ඒක?

Mr. Guru: ඒක භයානක තැනක් කියල හිතන්න පුළුවන්, නමුත් සමහරු කිසිම දෙයක් නොදැන මිත්‍යාවකුත් ගෙනියනවා. කොහොම උනත් මම හිතන්නෙ නැ, සාමාන්‍ය කෙනෙක්ට ප්‍රයෝජනවත් දෙයක් ඒකෙ ඇති කියලා. තිබුනත්, ඒ දේ හුගක් වෙලාවට සාමාන්‍ය අන්තර්ජාලයෙත් තියනව.

Mr. Noob: එහෙනම් මොකටද මිනිස්සු මෙච්චර මහන්සි වෙලා මේක හැදුවෙ? නිති විරෝදී වැඩ කරන්නද?

Mr. Guru: හුගක් වෙලාවට ඔව්, නමුත් ඒකම නෙවෙයි. අපි මේගැන වෙන දවසක විස්තර ඇතුව කතා කරමු.

Mr. Noob: ඔව් අද හුගක් දේවල් දැනගත්තා, බොහොම ස්තූතියි Guru අයියෙ, සුභ දවසක්!

Mr. Guru: සුභ දවසක්!

මේ වගේ තවත් ලිපි | Read more like this

I’ve got many hobbies and traveling is the one that I’d love to do the most. I also write short articles about science and technology in my free time.