• Home
  • /
  • Author: Aayehika Lakmaali
life from universe

ජීවයේ සම්භවය හා ජෛව රසායනික පරිණාමවාදය

පරිණාමවාදය ශ්‍රී ලංකාවේ උගන්වනු ලබන්නේ උසස් පෙළ ජීව විද්‍යා නිර්දේශය යටතේ පමණි. ඒ නිසා උසස් පෙළට ජීව විද්‍යාව හදාරා නැති අයගේ දැනුවත් භාවය උදෙසා මෙම ලිපිය ලියනු ලැබේ. බොහෝ දෙනා ඩාවිනීය පරිණාමවාදය, එහි අභ්‍යන්තර න්‍යායන්, ක්ෂුද්‍ර පරිණාමය සහ යූරි මිලර් වාදය ගැන වෙන වෙනම දැනුමක් නොමැති නිසා මේ සියල්ල ඩාවින් වාදයට ලඝු ඔට සිතා සිටින…

Wow signal aliens

Wow signal – සංඥාවෙන් වසර 40 කට පසු…

වර්තමානය වන විටත් අප ජීවත් වන පෘථිවියෙන් පරිබාහිර වෙනත් ග්‍රහවස්තුවක ජීවය පවතින බවට තහවුරු කරන සදෘෂ්‍ය සාධක නොමැති වුවත් ඒකාන්තයෙන්ම පෘථිවියෙන් පරිබාහිර ජීවය පමණක් නොව බුද්ධිමත් ශිෂ්ටාචාරද පැවතිය හැකිය යන ප්‍රකාශයට විරුද්ධ වීමට විශ්වයේ සුවිශාලත්වය ගැන යම් පමණකට හෝ අවබෝධයක් ඇති කිසිවෙකුට නොහැක. විශ්වයේ විපුලත්වය අනුව අනන්ත වූ තාරකා ආශ්‍රය කොට දියුණු ශිෂ්ටාචාර පවා පැවතීමට…

සතුන්ගේ දත් වල පරිණාමය හා අනුවර්තී විකිරණය

සතුන්ගේ දත් වල පරිණාමය ගැන කතා කරනකොට මේ දත් ඔයගොල්ලන්ට මොනතරම් වැදගත්ද? කෑමක් රසායනිකව ජීරණය කරන්න කලින් යාන්ත්‍රික ජීරණයක් කරන්න දත් ගොඩක් වැදගත්. මිනිස්සුන්ට නම් භාෂාව සඳහා සන්නිවේදනයට වැදගත්. තවත් සතුන්ට ආහාරයට වගේම ආරක්ෂාවටත් වැදගත්. ඉතින් මේ දත් කොහොමද ආවෙ? මොන කාලෙද? සත්වයන්ගේ පෝෂණ ක්‍රමය වන සත්ව සදෘෂ්‍ය පෝෂණයෙදි දත් ඇති වීම ඉතා වැදගත් සන්ධිස්ථානයක්….

පුනර්ජනනය, අවයව ප්‍රතිජනනය අත ළඟ

හදිසි අනතුරක් නිසා ඔයාගෙ අත වැලමිට ළඟින්ම කැපිල යනවා කියලා හිතන්න, එහෙම නැත්නම් කකුල කැපිල යනවා. දැන් ඔයා මුළු ජීවිත කාලෙම අර අත් කොටේ කකුල් කොටේ එල්ලගෙන ජීවත් වෙන්න ඕනෙද? ඇයි මේවා ආයෙ වවන්න බැරි? අවයව පුනර්ජනනය (Regeneration) කරන්න බැයිද? අඩු ගානෙ බද්ධ කරන්නවත්. බද්ධ කිරීමේ තියෙන අපහසුතා ගැන අමුතුවෙන් කියන්න ඕන නැති නිසා අපි ඒක කතා…

ප්‍රතික්‍රියා යාන්ත්‍රණ ලිවීමේදි කරන වැරදි හදාගමු

උසස් පෙළ රසායන විද්‍යාවට අනිවාර්යයෙන්ම ප්‍රතික්‍රියා යාන්ත්‍රණ (reaction mechanisms) ලියන්න එනවා. සමහර වෙලාවට දිග යාන්ත්‍රණත් එනවා. ගොඩාක් නංගිල මල්ලිල කරන දෙයක් තමයි මේ විෂය නිර්දේශයේ තියෙන යාන්ත්‍රණ ටික සේරම කටපාඩම් කිරීම. ඒ වගේම ඒව සේරම ලියල ලියල පුරුදු වීම. ගොඩක් වෙලාවට ඒ වගේ එකක්ම තමයි පේපර් එකට එන්නෙත්. ඒත් සමහර අවුරුදු වල ටිකක් වෙනස් උපක්‍රමශීලීව…

කාල තරණය කර අතීතයට ගිහින් දක්ෂ වෛද්‍ය වරයෙක් වෙන්නෙ කොහොමද?

  හිතන්න විද්‍යා ප්‍රබන්ධයක වගේ ඔයා දන්නෙම නැතුව කාල උමගක් ඇරිලා ඔයා කාල තරණය කර අතීතයට යනව කියලා. අපි හිතමු විද්‍යා විප්ලවය වෙන්න වසර ගණනාවකට කලින් ඒ කියන්නෙ 15, 16 සියවස් වලට ගියා කියලා. දැන් ඔයාට ජීවත් වෙන්න සිද්ද වෙනවනේ මොකක් හරි කරලා. මොකක්ද ඔයාට කරන්න පුලුවන් හොඳම දේ? ගොඩක් අය කියයි ඉගැන්වීම කියලා, ඔව් ඒක…

Image taken from https://en.wikipedia.org/wiki/Ravana#/media/File:Ravana_British_Museum.jpg

රාවණා හා පෞරාණික ගුවන් යානා තාක්ෂණය

රාවණා හා ඔහුගේ පෞරාණික ගුවන් යානා තාක්ෂණය හා වර්තමාන භෞතික විද්‍යාව පිළිබඳ කතා කරන විට රාවණා හට දඩු මොණරයක් තිබූ බව බොහෝ සාහිත්‍යමය මූලාශ්‍ර වල සදහන් වන අතර ශ්‍රී ලන්කාවේ අනාදිමත් කාලයක සිට එබදු ගුවන් යානා තාක්ෂණයක් හෙළ ආදිතමයන්ට තිබූ බවට ජනප්‍රවාද වශයෙන් පැවත ඒයි. පුෂ්පක රථය පිළිබද ඉන්දියාවේ තාක්ෂණික ග්‍රන්ථ පවා ලියවී ඇති අතර භාරද්වාජ සෘෂිවරයා ලියන ලද වෛමානික…

Wormholes හෙවත් විශ්වීය පණු කුහර

විශ්වීය පණු කුහර (Wormholes) තුළින් කාල අවකාශ තරණය අධික ස්කන්ධයක් ඇති වස්තූන් නිසා කාල අවකාශයේ සිදුවන වක්‍ර වීම කලින් ලිපියෙන් අපි කතා කළා. ඒකෙන් ගුරුත්වාකර්ෂණය විග්‍රහ වෙන හැටිත් මොකක්ද මේ ගුරුත්වය කියල හිතන් ඉන්නෙ කියලාත් අවබෝධයක් ලැබෙන්න ඇති. ඒත් මේකෙදි ගොඩක් අය ඇහුවා අයි මේ අවකාශය පැතලි. ඇයි ඒක ද්විමාන කියලා. අවකාශය පැතලි ද්විමාන 2D…

පෙරනිමිති හෙවත් ඩේජා වූ

ඩේජා වූ (déjà vu) හෙවත් පෙරනිමිති සිහින පෙනීම ගැන බොහෝ දෙනා කතා කරනවා. විවිධ දැනුම් පද්ධති රැසක් බිහි වෙලා තියෙනවා සිහින වල සන්කේත ආශ්‍රිතව අනාවැකි කියන. මේ සිහින පලාපල කීම අට්ගෙත ඊජිප්තු ශිෂ්ටාචාරයෙත් පැවතුනා. බයිබලයෙත් ඒ ගැන සඳහන් වෙනවා. නමුත් සමහර අයට තමන් කිසියම් සිද්ධියකට මුහුණ දෙන කොට මේක කලින් සිද්ධ වෙනමා මම හීනෙන් දැක්ක…