සුපිරි ප්‍රතිජීවකය සොයා ගත් ලාංකික මහාචාර්‍යවරයා

සුපුරුදු පරිදි මහාචාර්ය චමොත් උදැසනින්ම අවදි වී යහපත් පුවත් ඇතිදැයි ත්‍රිමාණ අවකාශ තිරයේ අන්තර් ජාලයේ සැරිසරමින් විමසුවත් සුපුරුදු පරිදි දක්නට ලැබුනේ මියගිය මිනිස්සුන්ගේ සංඛ්‍යාත්මක දත්තයන්ය.
දිනෙන් දින ක්‍රමක් ක්‍රමයෙන් මියයන මිනිස්සුන්ගේ සංඛ්‍යාව දෙගුණ තෙගුණ වුයේ තව දින කිපයකින් මුලු මහත් මිනිස් සංහතියම පොලොවෙන් අතුගැවි යන පරිදිය. දිනපතාම කොපමණ මියගියත් එය ලෝව සැමටම සුපුරුදු දෙයක් වී තිබුණි. සෑම දෙනාම සිතුවේ තමාගේ ජිවත කෙසේ හෝ රැක ගැනිමටයි. මුලු මිනිස් ප්‍රජාවම මීට විසදුමක් කවරකු හෝ සොයාගනු ඇතැයි සිතුහ. මහාචාර්ය චමොත්ට කොපමණ මියගියාද යන්න වැදගත් නොවු අතර ඔහුට අවශ්‍ය වුයේ කවරකු හෝ නව සොයාගැනිමක් කර ඇතිදැයි යන්න සොයාබැලීමටයි.

ප්‍රතිජීවක

අන්තර්ජාලයෙන් ඉවත් වී සුපුරුදු පරිදි සුන්වු බලාපොරොත්තු සහිතව සිය පරික්ෂණාගාරය වෙත පිය නැගු ඔහු කල්පනාවෙ නිමග්න විය. එදින 2033 ජනවාරි 01 වුවත් නව වසර සැමරීම තබා ඒ පිලිබඳව සිහියක් වත් කිසිවකු තුළ නොවිය. මීට වසර කිහිපයකට පෙර සිට මිනිසා එතෙක් භාවිතා කරමින් සිටි ප්‍රතිජීවක සියල්ලටම පාහේ ප්‍රතිවිරොධී බැක්ටීරියා දර්ශක බිහි විය. එන්න එන්නම තත්වය දරුණු වු අතර එම නව දර්ශයන්ට නව ප්‍රතිජීවක අත්හදා බැලුවද ඒ කිසිවකින් සාර්ථක ප්‍රතිඵල නෙලා ගැනීමට විද්‍යාඥයන් සමත් වුයේ නැත. ප්‍රතිරොධී බැක්ටීරියා දර්ශක මිනිසා අභිබවා ගොස් අති ප්‍රබල වුයේ දහස් ගණන් ජිවිත ගිල ගනිමිනි. මීට දසක කිපයකට පෙර ක්ෂ්‍යය රෝග ඖෂධ ප්‍රතිරොධී බැක්ටීරියාව (T.B. drugs resistance) තිබුනද එය එතරම්ම බහුල නොවීය. නමුත් මේ වෙනකොට සියලුම ක්ෂ්‍යය රෝගීන්ට තිබුනේ ඖෂධ ප්‍රතිරොධී බැක්ටීරියාවයි. වෙන එකක් තබා තුවාල අසාදනය කරන සුඩොමොනාස් දර්ශක පවා බාහිරව යොදන 70% මධ්‍යසාර, හයිඩ්‍රජන් ෆෙරොක්සයිඩ් වැනි දෙවල් වලට පවා ප්‍රතිරොධී සෛල බිත්ති සාදාගෙන තිබුණි. මිනිසුන් ගෙවල් තුළ තිබූ සියලු ආරක්ෂක උපක්‍රම අනුගමනය කරමින් සිටියත් ඒ වනවිට බැක්ටීරියාවන් මුළු ලොවම ආක්‍රමණය කරමින් සිටියේය.

මහාචාර්ය චමොත්ගේ බිරිඳ මීට මාස කිහිපයකට පෙර මොලය ආසාදන කල meningococcal බැක්ටීරියා නව දර්ශය නිසා මිය ගිය අතර දැන් ඔහුගේ දස හැවිරිදි පුතු මුත්‍රා ආසාදනයකට ලක්ව සිටින අතර මහාචාර්ය චමොත් සිය පුතුගේ ජීවිතය පිළිබඳව අධික බියකින් පසුවිය. වසර කීපයක් තිස්සේ නව ප්‍රතිජෛවකයන් සඳහා සිය පරීක්ෂණ කටයුතු කරගෙන ගියද මේ වන තෙක් කිසිඳු සාර්ථකත්වයක් ලබා ගත නොහැකි වීම මහාචාර්යවරයා අධෛර්යමත් කර තිබුණද ඔහුගේ එකම බලාපොරොත්තු වූ පුතු වෙනුවෙන් පරීක්ෂණ කටයුතු මෙහෙයවීය. පරීක්ෂණාගාරයේ අසල වූ සිය දොළොස් හැවිරිදි පුතු ගේ කාමරයට ගොස් පරිගණකයේ උණ සටහන දෙස බැලු අතර උදැසන ශරීර උෂ්ණත්ව 102F දක්වා ඉහළ ගොස් තිබිණි. සාමාන්‍ය භාවිතා කරන ප්‍රතිජීවක ප්‍රතිඵල රහිත වුවද ඔහු සිය පුතුට ලබා දුනි.

තාත්තේ මේ බෙහෙත් වලට හොද වෙන්නේ නැද්ද?

නැ පුතෙ හොඳ වෙනවා එත් ටිකක් කල් යනවා.

මහාචාර්ය චමොත් සිය පුතු අස්වැසිය.

බොරු කියන්න එපා තාත්තෙ මටත් අම්මට වුන දේ වෙනවා නේද තාත්තෙ?

මහාචාර්ය චමොත් කදුලු පිරි දෙනෙතින් සිය පුතු වැලදගත්තේ ඔහුට කීමට කිසිවක් නොතිබූ බැවිනි.

ඇයි තාත්තෙ දැන් මේ බෙහෙත් වලට බැක්ටීරියා මැරෙන්නෙ නැත්තේ?

උන් ඒවට ප්‍රතිරොධී වෙලා ඒ කියන්නේ resistance වෙලා.

ඉතින් තාත්තෙ බැක්ටීරියා කාලා දාන සතෙක් ඇග ඇතුලට දැම්මා නම් හරිනෙ

එම අදහස ප්‍රායෝගික නොවු කුඩා දරුවෙකුගේ අදහසක් වුවත් එම අදහසින් නව ජීවයක් ලැබු මහාචාර්යවරයා තම පරීක්‍ෂණ නව මානයකින් මෙහෙයවිය. ඔහු කල්පනාවෙ නිමග්න විය. ජාන වෙනස් කිරීමෙන් බැක්ටීරියා විලොපිකයෙකු සැදිය හැකි වුවත් ශරීරය තුලට ඇතුළු කල නොහැකි වන්නේ ලේ විෂ විම (septicemia) හෙවත් වසා සෛල නව ආගන්තුකයාට විරුද්ධව ක්‍රියා කිරිම නිසයි. එක වරම ඔහුගේ සිහියට නව අදහසක් ආවේය, එනම් වයිරස වල ක්‍රියාකාරිත්වයයි. වයිරස සිය ජාන සැකැස්ම වෙනත් සයිලයකට ඇතුළු කර සිය පිටපත් සාදා ගනී. මෙම ක්‍රියාදාමය ඔස්සේ ඔහු තවදුරටත් සිතීය. එපමණක් නොව ඔහු නව අදහස අන්තර්ජාලයටද ඇතුලත් කෙරුවෙ කවරකු හෝ ඒ ඔස්සේ පරික්ෂණ කරයි යන හැගීමෙනි.

උප්පත්තියෙන් ලාංකිකයෙකු වුවත් මහාචාර්ය චමොත් ඇමරිකන් පුරවැසියකු විය, මීට වසර අටකට පෙර ඇමරිකන් රජය විසින් නිව්යෝර්ක් හි අරඹන ලද නව ප්‍රතිජීවක සෙවීමේ පරීක්ෂණ ආයතනයට සම්බන්ධ වීමත් සමඟ සමඟ ඔහුගේ වාස භූමිය ඇමරිකාව විය. ආයතනය නීති රීති වලට අනුව නව අදහස් තම හිතුමතයට අන් අයට දැක්විය නොහැකි වුවත් මේ අවස්ථාවේදි කිසිවෙකුත් ඔහුට විරුද්ධ නොවීය. ඔහුගේ නව අදහසට විශාල ලෙස ප්‍රතිචාර ලැබිණි. දින කීපයක් පරීක්ෂණාගාරය තුලටම වී සිටි මහාචාර්ය චමොත් අවසානයේ සාර්ථක ප්‍රතිඵල ලැබීය.

සාමාන්‍ය රතු රුධිර සෛලයක් න්‍යෂ්ටි රහිතය, එනම් වර්ණ දේහ නොපිහිටයි. ඔහු සාමාන්‍ය රතු රුධිර සෛලයක් ගෙන එයට ඔහුට අවශ්‍ය ජාන සැකැස්මක් සහිත වර්ණදේහ ඇතුළත් කරන ලදී. මෙම සෛල දේහය හඳුනා ගන්නේ සාමාන්‍ය රතු රුධිර සෛල ආකාරටයි, ඒ නිසා ප්‍රතිරෝධයක් නොදක්වති. නමුත් මෙම සෛල අභ්‍යන්තරය බැක්ටීරියාවක මෙන් න්‍යෂ්ටිකයක් නැති අතර වර්ණදේහයක් පමණක් ඇති අතර එයට හමුවන බාහිර න්‍යෂ්ටිකයක් රහිත සෛල එනම් බැක්ටීරියා සයිලයක් හමුවුණු විගස ඒ තුලට මෙහි ඇති වර්ණදේහ ඇතුළු කරයි. එයට ඇතුළු වෙන ජාන නිසා ස්වයං නාශක රාසායනික නිපදවා බැක්ටීරියාව විනාශ වි යයි. මේ ආකාරයට රුධිර සෛල වර්ග අටක් නිපදවිය.

ඔහු පරික්ෂණාගාර වදුරන් හට මෙය අත්හදා බැලු අතර ප්‍රතිඵල අතිශයින්ම සාර්ථක විය. ඔහුගේ මෙම සොයාගැනිම ලෝකයටම අතිශයින්ම ප්‍රිතිජනක ආරංචියක් විය. ලෝව සුපිරි විද්‍යාඥයන්ට වෛද්‍ය විශේෂඥයන්ට නව සොයා ගැනීම පැහැදිලි කර දෙන ලදී. ඔවුන්ට අතිශය විශ්මිත ආර්ථික විද්‍යානුකූලව සුවිශේෂී සොයා ගැනීමක් විය. සාමාන්‍යයෙන් නව සොයා ගැනීමක් ගත් විට එහි සායනික අධ්‍යයන වාර්තා එහි අතුරු ආබාධ ආදිය සලකා ඒ මිනිසුන්ට නිර්දේශ කරන නමුත් මානව සංහතියම සුවිශේෂ අනතුරකට මුහුණපා ඇති මේ මොහොතේ අවදානම නොසලකා මේ භාර ගැනීමට මාන වලින් එක පයින් කැමැති විය. නව සොයාගැනීමත් සමඟම ඇමරිකන් ජනාධිපති ඇත්තෙන් ම වූ ප්‍රබල බලධරයන් ඔහු සොයාගෙන ආවේය.

මහාචාර්යතුමනි මම ඔබට සුභ පතනවා මම ඔබට සුභ පතමි ඔබ මොනාද අපෙන් බලාපොරොත්තු වෙන්නේ?

ජනාධිපතිතුමනි පෞද්ගලිකව මට මොකවත් අවශ්‍ය නෑ, මගේ එකම බලාපොරොත්තුව මෙය මුළු ලෝකයටම බෙදා හැරීමයි.

ඒක හොඳ දෙයක් ඔබට පෞද්ගලිකව මගෙන් යමක් ඕන නම් කියන්න.

ඊට සිනහවකින් පිළිතුරු දුන් මහාචාර්යවරයාට අවංකවම අවශ්‍ය වූයේ තම ඖෂධය ලෝක ජනතාව බැක්ටීරියා මාරයාගෙන් බේරා ගැනීමයි. නමුත් ඔහුට උරුම වූයේ තමාගේ එකම පුතු බේරා ගැනීමේ ප්‍රීතිය හා ඇමරිකන් ජාතිකයන් බේරා ගැනීමේ ප්‍රීතිය පමණකි.

පසුදින ඔහුට අසන්නට ලැබුණේ ඔහු කිසිසේත්ම බලාපොරොත්තු නොවූ තත්ත්වයකි. ඇමෙරිකානු රජය ලෝක ජනතාව බේරාගැනීම වෙනුවට නව ඖෂධයෙන් දෙශපාලනය කිරීම තොරා ගෙන තිබුණි. ඖෂධය අපනයනය කිරිමට දැවැන්ත මුල්‍යමය අගයක් නියම කිරිම පමණක් නොව ඖෂධය අවශ්‍ය නම් ඇමෙරිකානු රජයේ කොන්දේසි වලටද යටත් විය යුතු විය. සතුරු රාජ්‍ය සදහා ඖෂධය ලබා නොදිමට ඇමෙරිකානු රජය තිරණය කර තිබුණි.

මට ජනාධිපති තුමා එක්ක කතා කරන්න අවශ්‍යයි.

ඔහු තම ආයතනයේ අධ්‍යක්ෂක වරයාට දැන්වීය.

වැඩක් වෙන්නේ නැ, මේක ජනාධිපති තුමාටවත් වෙනස් කරන්න බෑ
අනෙක ඉතින් මේක අපේ ප්‍රශ්නයක් නෙමෙයිනෙ

මම හිතන්නේ ඔබ ලාංකිකයෙක් හින්දා හිතනවා ඇති ඔබේ රටට ලබා ගන්න බැරී වෙයි කියලා ඔබ දන්නෙ නැතුව ඇති මම හිතන්නේ, ඔබට කරන ගෞරවයක් විදියට ලංකාවට මෙක දෙන්නේ නොමිලේය.

ඕක මම දන්නවා, නමුත් අනික් රටවලට එහෙම නෙමෙයිනෙ, එක නෙවෙයි මම කියන්නේ මානව සංහතියටම බලපාන ප්‍රශ්නයක් එක්ක ඇයි දෙශපාලනය කරන්නේ?

ඇමරිකන් අභිමානය අනික ඔබ දන්නවා මේ පරික්ෂණයට කොච්චර මුදලක් වැය වුනාද කියලා

එතනින් එහාට කිසිවක් කතා නොකල මහාචාර්යවරයා මෙයට එරෙහිව ගත හැකි නීතිමය ක්‍රියා මාර්ගයක් ඇති දැයි සොයාබැලීය. ඔහු නීතිමය පියවර ගැනීමට පෙර මාධ්‍ය හමුවක් තැබිමට තිරණය කලේ මේ ගැන නිවැරැදිව ජනතාව දැනුවත් කිරිමටයි. එදින රාත්‍රියේ රජයේ ඉහළ පෙලේ ලේකම්වරයකු ඇතුළු නිලධාරීන් පිරිසක් ඔහු හමුවිමට ආවේ පෙර දැනුම් දිමකින් තොරවය.

මහාචාර්යතුමා ඔබට අවශ්‍ය ගාන කියන්න අපි ගෙවන්නම් ඔබට අපෙ ගෞරවයක් තියෙනවා ඒත් ඔබේ මේ වැඩ ගැනනම් අපේ කිසිම පැහැදීමක් නෑ, ජනාධිපතිතුමාටත් හොදටම කේන්ති ගිහිල්ලා ඉන්නේ වහාම මේ වැඩ නවත්වන්න

හිතට එකගව මට ඔබ කියන දේට එකග වෙන්න බැ ලෙකම්තුමා අනික මම පටන් ගත්තු වැඩක් නවත්වන කෙනෙක් නෙවෙයි, කැමති දෙයක් කරන්න

මහාචාර්යවරයා සෘජුව පිලිතුරු දුනි. ඊට කිසිවක් නොකි ලෙකම්වරයා සරදම් අයුරින් සිනාසී යනගමන් ආපසු හැරි

ඔබට සුබ රාත්‍රියක් මහාචාර්ය තුමා 

පසු දින උදාවිය. මහාචාර්ය චමොත්ගේ පුතු කාමරයට ආවේ තම පියා මෙතරම් වෙලාවක් නිදා ඉන්නේ ඇයි දැයි බැලිමටයි. ඔහු තම පියාට කිපවරක් කතා කලේය. නමුත් මහාචාර්ය චමොත් නොසෙල්වුනා පමණක් නොව කිසිදවසක නැවත කතා කලේද නැත.

නිමි.

මෙය හුදෙක් විද්‍යා ප්‍රබන්ධයක් පමණි

මේ වගේ තවත් ලිපි | Read more like this

මම ඉන්දික රත්නායක කුරුණෑගල උපන් ගම මම දැනට හෙද නිලධාරියකු විදියට රජයෙ රෝහලක වැඩ කරනවා. ඊට අමතරව නාට්‍ය සංගීතය වගෙ දෙවල් විනෝදාංශයක් විදියට කරනවා. විද්‍යාත්මක ලිපි ලිවීමද මාගේ එක් විනෝදාංශයක් වේ.