විද්‍යාඥයන් විසින් සොයා ගත් පුරාණ කළු කුහරය

විද්‍යාඥයන් විසින් විශ්වයේ අැති පැරණිම කළු කුහරය යැයි සැලෙකෙන ඉතාමත් විශාල කළු කුහරයක් (supermassive black hole) සොයාගෙන තිබෙනවා. මේ සොයා ගැනීම ඉතාමත් අරුම පුදුම ලෙස සැලකේ. කැලිෆෝනියාවේ Carnegie Institution for Science විසින් මෙම සොයාගැනීම සිදු කර අැත්තේ දුරේක්‍ෂ කිහිපයක්ම යොදා ගනිමින්, මේ අතර කක්‍ෂය තුල අැති නාසා ආයතනයේ Wide-field Infrared Survey Explorer (WISE) දුරේක්‍ෂයද යොදා ගෙන තිබෙනවා. මෙම සොයා ගැනිම් පල කර අැති ලිපි නේචර් වෙබ් අඩවිය තුලින් කියවිය හැක.

මෙම කළු කුහරය පිහිටා අැත්තේ අධිතප්ත දූවිලි හා ගෑස් වලින් පිරිපුන් කලාපයකය. මෙම දූවිලි හා ගෑස් කළු කුහරය වටා පිහිටා අැති බැවින් එය ක්වේසරයක් (quasar) ලෙසින් හදුන්වනු ලැබේ. මෙම කළු කුහරය මහා පිපිරිමෙන් (Big Bang) අවුරුදු මිලියන 690 කට පසු හටගෙන අැති බවට විශ්වාස කරනවා හා එහි ආලෝකය අප වෙත ලගාවීමට අවුරුදු බිලියන 13ක් ගත වී තියෙනවා. මෙම කළු කුහරයේ ආයු කාලය නවතම ප්‍රශ්න රැසක් නිර්මාණය කරල තියෙනවා, මෙතරම් විශාල කළු කුහරයක් විශ්වයේ මුලදී කෙසේ හට ගන්න අැත්ද හා එහි ක්‍රියාවලිය පිලිබද​  ප්‍රශ්න.​

 

කළු කුහරය oldest image 1

(Image source: nasa.gov)

 

ක්වේසරය තුල අැති මෙම කළු කුහරය J1342+0928 නමින් හදින්වේ

මෙහි ස්කන්ධය අපගේ සූර්‍යයා මෙන් මිලියන 800 ගුණයක් වේ, එය දැනට අප විසින් සොයාගෙන අැති මන්දාකිණි මධ්‍ය වල අැති සියලුම කළු කුහරය වලට වඩා අධිකය. මෙහි වයසෙන් හැගවෙන්නේ මේ කළු කුහරය ඉතාමත් ඉක්මනින් හට ගෙන අැති බව හා එය අවසානයේදී නියමානුකූල කළු කුහරයක් ලෙස මන්දාකිණියක මධ්‍යට තැන්පත් වී අැති බවයි.

මෙම අධ්‍යයනයේ ප්‍රධාන කර්තෘ  Eduardo Bañados පවසන්නේ මෙතරම් කෙටි කාලයකින් මෙතරම් ස්කන්ධයක් එක් ස්ථානයකට එකතු කර ගැනීම ඉතාමත් අභියෝගී දෙයක් ලෙසයි.

“It is very challenging to collect all that mass in a single point in such a short time,”

කාල්පනිකයන් පවසන්නේ මෙය සිදුවූ ක්‍රියාවලිය ගැන සිතීම හා උපකල්පනය කිරීම ඉතාම අසීරු බවයි. එම නිසා තවත් මෙවැනි ඉතා විශාල හා විශ්වයේ පෙර අවදියේ කළු කුහර සොයා ගැනීමෙන් මේ පිලිබද විධිමත් අධ්‍යනයක් කල හැකි බවයි.

කළු කුහරය oldest image 2

(Image source: purch.com)

මෙම ක්වේසරය තිබිනු කාල වකවානුවේදී, විශ්වයේ පලමු මන්දාකිණි සෑදීම පටන් ගන්නා කාලයයි. ඒවාගේ කිරණ ස්එුරණ තාරකා අතර පවත්නා වායු (interstellar gas) අයනීකෘත (ionized) කර විශ්වය​ උදාසීන තත්වයෙන් අයනීකෘත තත්වයට වෙනස් කර අැත. මෙම ක්‍රියාවලිය epoch of reionization ලෙස හදුන්වයි. මෙය සිදුවන්නේ පලමු තාරකා දීප්‍තිමත් වීමත් සමගයි. මේ කිවේසරය පෙනෙන ආකරයට උදාස හයිඩ‍්‍රජන් (neutral hydrogen) වලින් වට වී අැතැයි සැලකෙනවා, epoch සදහා මෙය කදිම නිදසුනකි. මෙහි දුර තීරණය කර අැත්තේ රක්ත විස්ථාපනය (redshift) මැනීමෙන් පසුවය, එය සිදුවන්නේ එහි ආලෝකය විශ්වයේ ප්‍රසාරණයත් සමග දික් වීම නිසාය​. එම දික්වීම උච්ච වෙන තරමට එහි දුරද වැඩි වේ, මෙහි රක්ත විස්ථාපනය (redshift) 7.54 වේ.

මෙතරම් ආලෝකමත් හා දුර පිහිටි අනෙකුත් 20 ත් 100 අතර ක්වේසර ප්‍රමාණයක් පෘථිවියේ සිට බලා ගත හැකි බව​ පවසනවා. ඒ සමගම මෙම සොයගැනීම ඉතාමත් විශේෂ වන්නේ මේ නිසා අපිට විශ්වයේ ආරම්භය පිලිබද තව දුරටත් අධ්‍යනය කල හැකි නිසා.

තාරකාවිද්‍යාඥයන් පවසන ආකාරයට නවතම දුරේක්‍ෂ මාර්ගයෙන් (Giant Magellan Telescope (GMT)) අපට මේ දේවල් ගැන හා තවත් මෙවැනි අලුත් දේවල් ගැන අධ්‍යනය කරන්න පුලුවන් වෙයි කියල​.

මේ වගේ තවත් ලිපි | Read more like this

මූලාග්‍ර | Sources  iflscience.com nasa.gov

I am a science enthusiast, who likes to read about mysteries of the universe because it fascinates me in many ways. I’m also looking forward to writing short articles and hopefully, it helps me to improve my writing skills.