පිටසක්වල ජීවය

ඇත්තටම පිටසක්වළ ජීවය පවතිනවද? පවතිනවා නම් ඔවුන්ගේ හැඩරුව මොන වගේද? ඉතින් ඒ කාලයක් තිස්සේ මේ වගේ ප්‍රශ්න අපිට ආවා. තාමත් එනවා ඇත්තටම අපි කැමති නෑ මේ විශ්වය තුල හුදකලා වෙලා ඉන්න. ඒකයි අපි පිටසක්වල ජීවයක් හොයන්නේ. ප්‍රථමයෙන් අපි බලමු ජීවයක් කියන්නේ මොකද්ද කියලා.  සාමාන්‍යයෙන් ගස් වැල් සත්තු ජීවය කියලා හඳුන්වන්න පුලුවන්, නමුත් ජීවය කියන එකට විද්‍යාත්මක අර්ථ කථනයක් තියෙනවා, එනම් ජීවය කියලා හඳුන්වන්නේ ශ්වසනය, ප්‍රජනනය, පරිවෘත්තිය ක්‍රියා වැනි ජිව ක්‍රියා කරන අයට. ජීව රාසායනික විද්‍යාවට අනුව නම් ඉතින් න්‍යෂ්ටික අම්ල, ප්‍රෝටීන ආදි එවායෙන් සැදි තියෙනවා නම් ජිවය වේ.

Alien life - ජීවය

ඉතින් මේ අර්ථ දැක්විම කොහොම උනත් විශ්වයේ ජිවය ප්‍රධාන ආකාර දෙකක් තිබෙනවා කියන්න පුලුවනි.

  1. අපි හිතන​ ආකාරයේ සම්මත ජීවය

  2. අපිට සිතිය නොහැකි ආකාරයේ ජීවය

කොහොම උනත් ඉතින් අපි නොදන්නා ජීවය ගැන අපිට හොයන්න ආමාරුයි. අපිට පුලුවන් අපි දන්නා ජීවය එනම් කාබනික ජීවය සෙවිම පමණයි. ඉතින් කාබනික ජිවය සදහා නම් අත්‍යාවශ්‍ය සාධකය ජලයයි. ද්‍රව ජලය තමයි ප්‍රධාන අත්‍යාවශ්‍ය සාධකය. ඒ නිසාම තමයි ජිවය හොයන්න කලින් විද්‍යාඥයන් ජලය තියෙන ග්‍රහලෝක හොයන්නේ. කොහොම උනත් අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ කිසිවකුගේ හෝ ජිවයක් පැවතිය නොහැකි බවට දැනට පෙන්නුම් කරනවා, අගහරුගේ නම් අතීතයේ ජීවය පැවති බවට සැකයක් තියෙනවා.

ඉතින් ඊලඟට අපිට ජීවය හොයාගන්න පුලුවන් වෙන්නේ වෙනත් තරූ පද්ධතියක් තුලට එබි බැලිමෙනි.

තරූවක් ඇති විමෙදි සිදුවන අතුරු ක්‍රියාවක් ලෙස ග්‍රහලෝක අැති වේ. වායු වලාවක් තුලින් ග්‍රහලෝක පද්ධතියක් හා තරූවක් ඇති විමේ ක්‍රියාදාමය වායු වලාව තුලින් ද්විත්ව තාරකා පද්ධතියක් (double star system or binary star system) ඇති විමට සමානයි. අප හදුනාගෙන ඇති තාරකා පද්ධති බොහොමයක් ද්විත්ව හෝ බහු තරූ පද්ධති (binary star system or multiple star system) වන හෙයින් විශ්වයේ ග්‍රහ පද්ධති හා තරූ බහුල බව තර්කානුකූලව සිතිය හැකිය.

Binary star system

(Image source: sjrdesign.net)

Quadruple star systemjpg

(Image source: sen.com)

ග්‍රහලෝකයක ජිවයක් තියෙනවා නම් ග්‍රහලෝක නිශ්චිත ගමන් පථයක ඉරවටා යා යුතුය. නමුත් ද්විත්ව හෝ බහු තාරකා පද්ධති වල ග්‍රහලෝක නිශ්චිත මාර්ගයක නොයන අතර ඒ නිසාම ජීවයක් පවතින බවට කියන්න බැ, එනිසා ජීවයක් සදහා සුදුසු තනි තරූවක් සහිත ග්‍රහ පද්ධතියක්, ජීවයක් ඇති විම සදහා අවශ්‍ය සාධක ඇති විම සදහා ග්‍රහලෝකයක ආයු කාලය වසර බිලියන ගාණක් විය යුතුය. හේතුව අවශ්‍ය සාධක ඇති විම සදහා ලොකු කාලයක් අවශ්‍ය වේ. පෘථිවිය මත ප්‍රථම ජීවි සයිලය ඇති විමට වසර ලක්ෂ 5-10 පමණ ගතවිය. ඉන්පසුව බුද්ධිමත් ජිවින් බිහිවිමට අවුරුදු කෝටි 460 පමණ ගතවිය. විචල්‍ය තාරකා වල (variable stars) ශක්ති විමෝචන සීඝ්‍රතාව කාලයත් සමඟ වෙනස් වන බැවින් එවන් තාරකාවල ජීවි හිතකර පරිසර තිබිය නොහැකිය.

අපගේ හිරු සහ පෘථිවිය අතර දුර පෘථිවිය මත ජිවය ඇති විමට ප්‍රධාන හෙතුවක් විය. ජිවයක පැවැත්මට අත්‍යාවශ්‍ය සාධක කිහිපයක් ඇත.

  1. උශ්ණත්වය
  2. ජලය
  3. විකිරණ ආවරණය
  4. ජිවයක් සදහා අවශ්‍ය මුල ද්‍රව්‍ය
  5. හිරූ එළිය
  6. ඔක්සිජන් වායුව

මෙම සාධක වලට අමතරව හිරුගේ සිට පෘථිවිය වෙතට ඇති දුර පෘථිවියේ භ්‍රමණය නිසා දිවා රාත්‍රි ඇති විම ආදිය පෘථිවියේ ජිවය හට ගැනීමට ආධාර වි ඇත. තරූවක් බිහිවිමේ සිට එහි අවසානය දක්වාත් ග්‍රහ මණ්ඩල උපත ලබන ආකාරය පිලිබඳව දැනුම හා තරු පොකුරු(star clusters), නිහාරිකා(nebulas), චක්‍රාවාට(galaxies) මෙන්ම විශ්ව න්‍යාය විද්‍යව(cosmology) පිලිබඳව දැනුමක් මිනිසා සතුව පවතී. නමුත් විශ්වයේ අපි හුදෙකලාවේ ඉන්නවද නැත්තං තවත් ජිවින් සිටිනවාදැයි යන්නට අපිට තාමත් හරිහමන් පිළිතුරු ලැබි නැත.

Nebula

(Image source: space.com)

ජීවය යන්න විශ්වයට පොදු දෙයක් නම් මුලින්ම ජිවය ආරම්භ විය යුත්තේ වසර බිලියන ගණන් පැරණි තරූ සමග වු ග්‍රහලෝක මතයි. එසේ වුවා නම් ඒක ශිස්ටාචාරයක් හෝ යාන්ත්‍රික ක්‍රමයක් උපයෝගි කරගෙන යන්ත්‍ර බිහිකර තිබිය යුතුය. එය එසේ සිදුවුයේ නම් ඔවුන් වසර මිලියන ගාණක් පුරා මන්දාකිණියේ සැරිසරමින් සිටිය යුතුය. නමුත් මේ වනතුරුම එවැන්නකට සාක්ෂි ලැබි නැත, සමහර විට ඔවුන්ගේ තාක්ෂණය අපිට ග්‍රහණය නොවෙනවා වන්නට පුලුවනි.

මේ වගේ තවත් ලිපි | Read more like this

මම ඉන්දික රත්නායක කුරුණෑගල උපන් ගම මම දැනට හෙද නිලධාරියකු විදියට රජයෙ රෝහලක වැඩ කරනවා. ඊට අමතරව නාට්‍ය සංගීතය වගෙ දෙවල් විනෝදාංශයක් විදියට කරනවා. විද්‍යාත්මක ලිපි ලිවීමද මාගේ එක් විනෝදාංශයක් වේ.