කාල තරණය කර අතීතයට ගිහින් දක්ෂ වෛද්‍ය වරයෙක් වෙන්නෙ කොහොමද?

 කාල තරණය dcotor image 1

හිතන්න විද්‍යා ප්‍රබන්ධයක වගේ ඔයා දන්නෙම නැතුව කාල උමගක් ඇරිලා ඔයා කාල තරණය කර අතීතයට යනව කියලා. අපි හිතමු විද්‍යා විප්ලවය වෙන්න වසර ගණනාවකට කලින් ඒ කියන්නෙ 15, 16 සියවස් වලට ගියා කියලා. දැන් ඔයාට ජීවත් වෙන්න සිද්ද වෙනවනේ මොකක් හරි කරලා. මොකක්ද ඔයාට කරන්න පුලුවන් හොඳම දේ? ගොඩක් අය කියයි ඉගැන්වීම කියලා, ඔව් ඒක හොඳ දෙයක්,

ඒත් ඔයා උගන්වන්න යන්නෙ මධ්‍යකාලින යුරෝපයට නම්; ඔයාගෙ ජීවිතේ කණුවක චිතකයක් උඩ නිමා වෙන්න ඉඩ වැඩියි. එහෙම මධ්‍ය කාලීන යුරෝපයට ගියත් ජීවිතෙත් බේරගෙන හොඳට ජීවත් වෙන්න මම නම් නිර්දේශ කරන්නේ වෛද්‍ය විද්‍යාවයි. ඒකට හේතුව ජීවක තියරිය “වෙදුහු නම් සත්වයෙඔ තම මවුන් පියන් ගුරුන් කොට සිතති.”

වෛද්‍ය ශාස්ත්‍රය කියන්නෙ එදාවගේම කවදත් ලෝකයේ අති සම්භාවනාවට පාත්‍ර වෙන දෙයක්

කාල තරණය dcotor image 2වෛද්‍යවරයාට මිත්‍රයන් විශ්වාස වන්තයන් ඇති කර ගන්න ගතවන්නේ කෙටි කාලයයි. කොහේ ගියත්, අපි අද ඉගෙන ගමු 21 වන සියවසේ ඉන්න උසස්පෙල ශිෂ්‍යයෙක් වැරදිලා කාල තරණය කර අතීතයට ගියොත් තමන්ගේ ජීවන මාර්ගය රාජ සභාවෙන් කෙළවර කරගන්න ඇති ක්‍රම. ඒ කාලෙ විද්‍යාව ඉතාම නොදියුණු බව අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. අපේ මේ කාල තරණය කරන කෙනා වෛද්‍ය ශිෂ්‍යයෙක් නෙවෙයි සාමාන්‍ය පත පොත කියවන උසස් පෙළ විද්‍යා කරන සිසුවෙක් කියල හිතමු. එයාට තමන්ගෙ සාමාන්‍ය දැනීමෙන් ඒ කාලේ ඉන්න​ සියළු අති දක්ෂ වෛද්‍යවරු පරාජය කරන්න තියෙන හොඳම මාර්ගය තමයි ඇන්ටි බයොටික්ස්. මහාමාරිය වසංගතය නිසා ලෝක ජනගහණයෙන් තුනෙන් එකක් මැරුණු සමයට ඔයා යනව කියල හිතන්න. මේ කාලෙ ගම් දනව් පිටින් වසන්ගතයෙන් විනාශවෙන යුගයක්. පල්ලි වලින් වසන්ගතයට හේතු වුණා කියලා අහින්සක ගැහැණුන් යුදෙව්වන් ගිණිතබා මරන යුගයක්.

වෛද්‍යවරු කරන්න දෙයක් දන්නෙ නැතුව මමී වලින් ගත්තු කුඩු දියකරල පොවනව වගේ විකාර ට්‍රීට්මන්ට්ස් කරන යුගයක්

යෙර්සිනියා පෙස්ටිස් කියන බැක්ටීරියාවෙන් මේක ඇතිවෙන බව දන්න කෙනෙක් දන්නවා බලවත් ප්‍රතිජීවකයක් මගින් මේක පාලනය කරන්න පුළුවන් කියලා. ඉතින් කෝ මේ කාලෙ ප්‍රති ජීවක. ඔයාට කරන්න තියෙන්නෙ කඩෙන් පාන් ටිකක් ගන්න එක. පාන් අරගෙන ඒකට වතුර ටිකක් ඉහලා හිරු එළිය වැටෙන්නත් යම් පමණකට ඉඩ දීලා දින කීපයක් නරක් වෙන්න තියන එක. ඒ අතරම කඩෙන් ගිහින් අල ටිකක් සීනි ටිකක් අරගන්න. ඔයා ඒ ලෙවල් බයෝපන්තියෙදි පොටැටෝ ඩෙක්ස්ට්‍රෝසේගාර් මාධ්‍ය හදල තියේ නම් වැඩේ ගිඩ ඒ විදියට අල තම්බලා සීනි ටික දාලා පුළුවන්නම් තව පිටි ටිකක්. ලෙමන් ටිකක් එහෙම දාලා මිශ්‍රණය හදාගන්න. ඊට පස්සෙ වාෂ්පෙන් හොඳට තම්බ ගන්න ඉන්න බැටීරියා මැරෙන්න. මේක හරිම සරල දෙයක්, ඒත් හරියට කරොත් ඔබ රාජ වෛද්‍ය වරයා වෙලා නවතින්නෙ. පාන් ටික ගන්න පාන් වල විවිධ පාට පුස් හැදිල තියේවි. ඒව වෙන වෙනම ගන්න බලන්න. අරගෙන අර පොටැටෝ මාධ්‍යය වෙන වෙනම පුරවපු කන්ටේනර්ස් වලට ඒවා දාලා හොඳට වහල දාන්න.

(ඇන්ටිසෙප්ටික් ක්‍රම දන්නවනම් වැඩේ ගොඩම ගොඩ) දවස් දෙකකින් ඔයා ළඟ විවිධ ප්‍රතිජීවක රැසක් තියෙනවා. වසංගතයට වගේම නොයෙක් ලෙඩ රෝගවලට ඒ කාලෙ තිබ්බ කිසිම ඖෂධයකට වඩා බලවත්. හැබැයි මේව දෙන්න කලින් ටිකක් සුද්ධ කර ගන්න ඕන. අල තල්ලි ටික හොඳ පිරිසුදු රෙදි කැබැල්ලකට අරන් ඒවා පුළුවන්නම් ශීත වතුරට. නැත්නම් රත් කර නිවාගත් වතුරට මිරිකලා නිස්සාරණය කර ගන්න. ඒක රත් කරන්න යන්න එපා ගොඩාක්. පුළුවන්නම් ගෙන්දගම්. පල්මානික්කම් ටිකක් ඒකට දාලා ඉන්න දිලීර ටික මරල දාන්න. දැන් ඒ ඛනිජ කුඩු වශයෙන් දාපුව පෙරල අයින් කර ගන්න. ද්‍රාවණ විවිධ සාන්ද්‍රණ වලට හදා ගන්න තනුක කරලා තනුකම එක මුල්ම ලෙඩාට රහසින් දෙන්න. (පැය 4 න් 4 දෙන්න ගන්න කාලෙ වරද්දන්න එපා) ටික ටික සාන්ද්‍ර ඒවා අනිත් අයට නියත කාල අන්තර වලින් දීල බලන්න. ලෙඩේ හොඳ වෙනවා ඉතාම ඉක්මනට. ඒකට හේතුව කිසිම ප්‍රතිජීවකයක් නොබීපු මධ්‍යකාලීන ජනතාව ඔයාගෙ සරල ප්‍රතිජීවකයටතධි සංවේදි වීමයි.

කාල තරණය කලත් ඔයාගෙ ක්‍රමේ පිටට දෙන්න එපා, මොකද ඒක ලේසියි

කාල තරණය dcotor image 3මේ කාලෙ විද්‍යාවෙ ගුරු මුෂ්ටි තියෙන්නෙ. ඔයත් ඒක ඒ විදියටම තියාගන්න එක හොඳයි. වසරකින් පමණ ඔයාට රාජ වෛද්‍යවරයා විය හැකියි. මේ ඇන්ටිබයොටික්ස් විවිධ වර්ග හදලා බැක්ටීරියා වලින් හැදෙන ඕනම ලෙඩකට දෙන්න. මීට අමතරව සින්කෝනා, ඇට්‍රෝපා, ඩිජිටාලිස් වගේ ගස් වල තියෙන ඖෂධීය ගුණ ගැනත් ඔයා දන්නවනම් ඔයාටාති දක්ෂ වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්. ඔයාට ආරංචි වෙනවා රජ කෙනෙක්ට ඇතරොස්ක්ලෙරෝසිස් හැදුණු බවට කරුණු කාරණා. ඉතින් මේකට ඔයාට බෙහෙතක් හදන්න පුළුවන්ද? ඒ කාල වල සාර්ථක වුණු දේශීය ඖෂධ තියෙනවා ඒවට ගන්න ශාක කොටස් වෙන වෙනම අත්හදා බලන්න. හරියන එක හුමාල ආසවනයෙන් නිස්සාරණය කරල දෙන්න. ඇට්‍රෝප බෙල ඩෝන, වෘක මල් කියන් දෙකින් අදටත් ඇට්‍රොපීන් හා ඩිජිටික්සීන් කියන වැදගත් ඖෂධ දෙක ගන්න පුළුවන්. ඒවා ශාක කොටස් තලලා ජලයට දාල ඒ ලෙවල් භාගික ආසවන උපකරණය වගේ සරල ඇටවුමක් හදන් වෙන වෙනම භාග වෙන් කර ගන්න.

එකක් අනිවාර්යයෙන්ම ඖෂධය ඒවා එන පිලිවෙල මතක තියන් ඇට්‍රොපීන් ඩිජිටොක්සීන් අවශ්‍ය වෙලාවට භාවිත කරන්න

මැලේරියාවට සින්කෝනා වගේම දාස් වලිනුත් ඇක්ටිව් සන්යෝග ගන්න පුලුවන්. ඔයා පොලොන්නරුවේ ජලාශ්‍රිත ශිෂ්ටාචාරයේ අග්භාගයේ ආව කියල හිතමු. මැලේරියාවෙන් රටෙන් බාගයක් මැරෙන කාලයක්. දාස් මල් හුමාල ආසවනය කරලා ආටෙමිසිනින් ඉයන ඇන්ටි මැලේරියල් ද්‍රව්‍යය ගන්න උත්සහ කරන්න. මේ කාල වල ජනතාවට අපිරිසිදු කම නිසා විෂබීජ වලින් රෝග හැදීම ගැන අවබෝධයක් නැහැ. ඔයාට ඒව පාවිච්චි කරන්න පුලුවන්නම් ගොඩාක්සාර්ථක වෙනවා. මෙන්න. මෙහෙම 21 වන සියවසෙන් අතීතයට නිකන් විද්‍යා ශිෂ්‍යයෙක් ගියත් ඒ කාලෙ ඉන්න සේරම විද්වතුන්ව ඉක්මවා ප්‍රාඥයෙක් විය හැකියි. පස්සෙ වෙන සිද්ධි වලට මන් වග කියන්නෙ නෑ. අතීතයට ගියා වගේම සොම්බි වසංගතේකින් ලෝකෙම වල් වැදිච්ච යුගයකට, මුළු ලෝකෙම තුන්වෙනි ලෝක යුද්දෙකින් ගල් යුගයට වැටුණු යුගයක ජීවත් වීම සඳහා මේ කියපුවා ඔයාලට වැදගත් වේවි.

මේ වගේ තවත් ලිපි​ | Read more like this

මම දැනට වෛද්‍ය පීඨයේ අවසාන වසර ඉගෙනුම ලබමි. එමෙන්ම ජෛව රසායනය, අණුක ජීව විද්‍යාව, ස්වභාවික සම්පත් රසායනය හා ව්‍යාධි වේදය යන විෂය ක්‍ෂේත්‍රයන් සම්බන්ධව විශ්ව විද්‍යාල පර්‍යේෂිකාවකි.